මෑතකදී කියවූ බ්ලොග් පෝස්ටුවක රචකයා පාසලේ පන්ති කාමරයේ අනිත් සිසුන් සමඟ කල් ගෙවූ සැටි ලියා තිබූ අතර එයට නොයෙකුත් මාදිලියේ කමෙන්ටු ( එහෙමත් නැතිනම් ප්‍රතිචාර ) පාඨකයන් විසින් යොමු කර තිබිණි. එය මතක් වූ මටද පාසල් කාලය ගැන ලියා තබන්නට සිතක් පහළ විණි.
අවුරුදු ගාණක මතකය ලියා ඉවර කරන්නට කොතරම් ලියන්නට වෙයිද? ආරභයක් වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ කාලය ගැන කෙටි සටහනක් තැබීමට අදහස් කරමි. අදින් වසර විස්සකට පෙර ඇරඹූ ඒ ගමනට මුල් පියවර තැබුණේ ගමේ ඉස්කෝලෙනි. ඇත්ත වශයෙන්ම එය අපේ ගමේ නොව අල්ලපු ගමේ ඉස්කෝලයය. නමින් නැලිගම ශ්‍රී සංඝමිත්තා විද්‍යාලයයි.
එදා මුලින්ම පාසලට බාර දුන් දිනය තාමත් හොඳ හැටි මතකය. ඊට ටික කලකට කලින් තාත්තා මා පාපැදියේ තබාගෙන කඩවත නගරයට ගොස් සපත්තු කුට්ටමක් අරන් දුන් හැටි වගේම ඒ සපත්තු යුගලයත් මට මතකය. මුල් දිනවල අක්කා සහ අයියා සමඟ එකට පාසලට ගියත් කල් යත්ම (අයියා කෙනෙක් වෙන කාලයේ ) තනිව යාමට පුරුදු වී සිටියෙමි. කොහොමත් මම හතර වසරට පමණ පැමිණෙන විට ඒ දෙදෙනාම එම පාසලේ සිටියේ නැත. එම අවදිය ප්‍රීතිමත්ම කාලයයි.
පිරිමි ළමයි වන අපට පැවරී තිබුණේ සෑම උදෑසනකම මිදුල පවිත්‍ර කිරීමයි. 6.30 පමණ වන විට නිවසින් එලියට බහින මම ගොසින් ඉක් ඉක්මණට මිදුල අතු ගාමි. අනෙක් අය පැමිනෙන විටත් ඒ කාර්යය මා අතින් බොහෝ දුරට හමාරය. ඒ කාලයේ පාසල ආරම්භ කෙරුණේ 7.30 ටය. ඉතින් තව පැය බාගයක් අපට ඉතිරිය. එසේ කාලය ඉතුරු කරගන්නේ අනෙකකට නොව සෙල්ලම් කිරීමටය. නිවසින් එන විට කලිසම් සාක්කුවේ ඔබා ගත් ප්ලාස්ටික් බෝලය අපගේ ක්‍රීඩා උපකරණයයි. ක්‍රීඩාව එල්ලේය. බෝලයට පහර දෙනු ලබන්නේ අතිනි. හරිම විනෝදජනයකය. බට්ටා වගේ සිටියාට දුව පැන කරන සෙල්ලම්වලට මට තිබුනේ හොඳ හැකියාවකි.
පාසල ඇරී ගෙදර යන විටත් පාසලට එන විටත් මග තොටදී කළ කී දෑ ගැන ඊළඟ සටහනේ ලියා තැබීමට අදහස් කරමි.
අතුරු කතාවක්. ඒ දවස්වල ජංගි කොට ගසාගෙන එකට දුව පැන සිටි ගමේ ඉස්කෝලෙ කෙල්ලෙන්ගෙන් කොල්ලන්ගෙන් බොහොමයක් අද වන විට කසාද බැඳ අම්මලා තාත්තලාද වී හමාරය. මම තාමත් වේලි වේලී ඉමි.
හොඳයි ලියමුකො එහෙනම්....ඔය Word Verification අයින් කරන්න. එතකොට Comment කරන්න ලේසියි.
ReplyDeleteබොහෝම ස්තූතියි තරියා.. මං ඒක කෙරුවා...
ReplyDeleteපොඩි කාලේ වගේ දැනුත් නිදාගන්නවද........
ReplyDeleteමගෙ නින්ද ගැන උඹ දන්නෙ නෑනෙ මචං. කැම්පස් එකේ උන් මට කියන්නෙ "නින්දේ උපත" කියලා... :)
ReplyDeleteතාමත් වේලි වේලිද ඉන්නේ අයියා :P
ReplyDelete